මොනවද මේ Kölsch?

 "Kölsch කියන්නේ එක අතකින් ඒල් එකක්. ඒ වගේම තව අතකින් බලද්දි ලාගර් එකක්!"

මේ කතාව තරමක් confusing වෙන්න පුළුවන්. නමුත් ඒක හිතනවට වඩා සරලයි. 

Kölsch කියන්නෙ Ale yeasts යොදාගෙන Top Fermentation ක්‍රමයට හදන බියර් එකක්. නමුත් මෙහිදී යොදා ගන්නේ Lager එකක් ferment කිරීමට යොදා ගන්නා අඩු උෂ්ණත්ව පරාසයයි. ඒ වගේම, ලාගර් එකක් නිපදවද්දි වගේම සිසිල් cellers වල ගබඩා කර වැඩි කාල පරාසයක් තුළ, අඩු උෂ්ණත්ව පරාසයක් යටතේ ඉතා හෙමින් ferment කර නිපදවන (lagering කරන ලද) බියර් එකක්. ඒ නිසා, මේක Lager සහ Ale දෙකටම අතරමැදි තැනක තියෙන hybrid බියර් එකක් විදිහට සමහරු හඳුන්වනවා.

Image credit: https://vinepair.com/

Kölsch පානය කරන්නට සාම්ප්‍රදායිකව යොදාගන්නේ, දානෙ ගෙවල්වල කෝඩියල් අල්ලන වීදුරුව වැනි පටු උසැති වීදුරුවක්. ඒක හඳුන්වන්නේ Stange නමිනුයි. නමුත් මේකට හේතුව වන්නේ, ඒ බියර් එකේ රස enhance කිරීම වගේ දෙයක් නම් නෙවෙයි. ඇත්තටම සාම්ප්‍රදායිකව මේ බියර් serve කරන්නේ අර දානෙ ගෙවල්වල කෝඩියල් අල්ලනවා වගේ රවුම් tray එකක වීදුරු ගණනාවක් අසුරමින්. ඉතින් අන්න ඒ විදිහට වීදුරු සියල්ල එකිනෙකට ආසන්නව මේ රවුම් tray එකේ අසුරන්නට නම් stange නැමැති වීදුරුවේ හැඩය ඉතාම හොඳින් ගැලපෙනවා. නමුත්, Kölsch ඒ විදිහට serve කරන්නේ ඇයි කියලා ඔබට ගැටළුවක් මතුවන්නට පුළුවන්.

ඒකට පිළිතුර මේකයි: ඔබ වෙනුවෙන් බියර් එකක් නිපදවන brewmaster කෙනෙකුට යම් මධ්‍යසාර ප්‍රමාණයක් ඒ ඒ බියර් එක හරහා deliver කළ හැකි ආකාර දෙකක් තියෙනවා. 

පළමුවැනි ක්‍රමය තමයි, මිලෙන් වැඩි, ඝන බවින් වැඩි, රසයන් අතින් ඉතාම prominent, ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි බියර් එකක් නිපදවීම. එතැනදී, ඔබ අතේ ඇති මුදලට ඒකෙන් පයින්ට් එකක් දෙකක් ගහද්දි බඩ පිරෙනවා, වෙරි ගතිය දැනෙන්න පටන් ගන්නවා. 

දෙවැනි ක්‍රමය තමයි මිලෙන් අඩු, session කිරීමට උචිත ආකාරයෙ තරමක් thin, ඇල්කොහොල් ප්‍රතිශතය අඩු බියර් එකක් නිපදවීම. එතැනදී, ඔබ වැඩි පයින්ට් ප්‍රමාණයක් දිගින් දිගටම session කරමින් කාලය ගත කරනවා. මොකද, එක පාරට බඩ පිරෙන ගතියකුත් නෑ, අඩු පරිමාවකින් වෙරි වෙන ගතියකුත් නෑ. හොඳින් පිපාසයත් නිවෙනවා! 

ඉතින් Kölsch කියන්නේ, මේ දෙවැනි ක්‍රමයට අනුකූලව නිපදවනු ලබන බියර් එකක්. මේ බියර් එක නිර්මාණය වුණු ජර්මනියේ Cologne වල restaurent එකකින් ඔබ ඔබේ මිතුරන් පිරිසක් සමග Kölsch ඇණවුම් කළොත්, එක් අයෙකුට එක වීදුරුව බැගින් ගෙන බියර් වත්කොට දෙනවා වෙනුවට ඔවුන් කරන්නේ, ඔබ සිටින මේසයට මෙවැනි උස, සිහින් stange වීදුරු ගණනාවක් අසුරන ලද රවුම් tray එකක් රැගෙන ඒමයි. මේ බියර් එකේ රස, සුවඳ, ඝනකම වැනි සාධක අනූව ඔබටත් ඔබේ මිතුරන් පිරිසටත් වීදුරුවක් පිට වීදුරුවක් ගානේ මේ සියල්ල බීගෙන බීගෙන යන්නට කිසිම අමාරුවක් නෑ. (මොකද, මේක හරිම crisp, dry, refreshing සහ හොඳින් condition කරන ලදුව ඉතාම refined ගතියක් ඇති බියර් එකක්). මේ ආකාරයට එක tray එකක බියර් වීදුරු හිස් වෙද්දි ඔවුන් විසින් තවත් එවැනිම tray එකක් ඔබේ මේසයට රැගෙන ඒම තමයි සම්ප්‍රදාය.

මේ බියර් එක නිර්මාණය වෙන්නට මූලික වූ කරුණ හරියට මේ කාලේ iPhone සහ Android භාවිතා කරන්නන් අතර තියෙන යුද්ධය හෝ Piston Heads සහ Electrical Car owners අතර තියෙන යුද්ධය වගේ එකක්.

යුරෝපය පුරාවට ඒල් වලට ඇති ඉල්ලුම අඩු කරමින්, ලාගර් ජනප්‍රිය වීමත් සමගම ජර්මනියේ Rhine ගංගාව අසල නගර වලටත් මේ trend එක බෝ වෙන තත්වයක් ඒ කාලේ උදාවෙලා තියෙනවා. නමුත් මේ නගරවලින් ප්‍රධානම නගරයක් වුණ Cologne වල හොඳට බියර් බිස්නස් එක අල්ලගෙන හිටපු ව්‍යාපාරිකයන්ට මේක තර්ජනයක් වෙලා තියෙනවා. මොකද, මේ අයගේ expertise තියෙන්නේ ඒල් වර්ග නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙනුයි. ඉතිං කවුරුහරි ලාගර් සම්බන්ධ විශේෂ expertise තියෙන පොරක් ඇවිත් එක brewery එකක් දාගත්තොත්, ඒ මට්ටමේ ලාගර් එකක් හදන්න මේ අයට තව සෑහෙන කාලයක් ඉගෙනගන්න වෙනවා. නමුත් ඒ වෙද්දි තමන්ගේ බිස්නස් එකේ ඒකාධිකාරයත් බිඳ වැටිලා, මුළු නගරයේම බියර් වෙළඳපොල අර අළුතෙන් ආපු ලාගර් නිෂ්පාදකයා සතුවන්නට ඉඩ තියෙනවා. පිටින් එකෙක් එනවා වෙනුවට නගරයේ දැනට ඉන්න brewer කෙනෙක්ම අනිත් සියළු දෙනා පරදවා හොඳ ලාගර් නිෂ්පාදනය කළොත් අනිත් සියළු නිෂ්පාදකයන්ට කෙලවෙන්නට පුළුවන්. 

(ලංකාවේ වුණත් හාල් වල සහ ගෑස් වල ඒකාධිකාරය පවත්වාගෙන යන මුදලාලිලා, රටේ දේශපාලකයො ලව්වා අළුත් ව්‍යාපාරිකයන් බිහිවෙන එක නතර කරවන එක සාමාන්‍ය දෙයක්නේ. ඉතිං ඒ කාලේ ව්‍යාපාරික පවුල්වලින්ම කමිටු සාමාජිකකම් දරමින් මුදල් වියදම් කර පවත්වාගෙන යුරෝපීය නගර කවුන්සිල හරහා ඔවුන්ට වාසිදායක නීති සම්මත කිරීම කොහොමත් සාධාරණ දෙයක්. මොකද, අර Florance වල Medicci පවුල වගේ, මේ නගරවල සංවර්ධන කටයුතු සඳහා මුදල් දුන්නේ මේ ධනවත් ව්‍යාපාරික පවුල්. ඔවුන්ගේ මුදල් නැතිව නගරය පවත්වාගෙන යන්නට හැකියාවක් නෑ. ලංකාවේ නම් ඉතිං ඒ ඒ ව්‍යාපාරවල ඒකාධිකාරය තියාගෙන ඉන්න එකා රටේ සංවර්ධනයට සල්ලි වියදම් කරන්නෙත් නෑ බදු වංචා කරනවා මිසක්. දේශපාලකයින්ට පහාව දෙනවා විතරයිනේ).

ඉතින්, මේ නගරයේ ඉන්න බියර් නිෂ්පාදකයො සියල්ල එක්රැස් කරගෙන තමන් කිසිම විටෙක ලාගර් නිෂ්පාදනය නොකරන බවට ප්‍රතිඥාවක් අරගෙන පොරොන්දු කරගෙන තියෙනවා. ඒක හරියට "අද දවසේ මමයි මගේ යාළුවයි දෙන්නම ඒල් හදාගෙන දෙයියනේ කියලා විකුණාගන්නවා. හෙට දවසේ අපි ලාගර් හදලා විකුණන්න ගිහින්, අපි දෙන්නගෙන් එකෙකුට හරියට ඒක කරගන්න බැරි වුණොත් උගේ බිස්නස් ටිකත් අනිත් එකාට ඇවිත් ඌට කෙළවෙන්න පුළුවන්" නිසා, දෙන්නට සාම සාකච්ඡාවක් දාගෙන පාඩුවේ ඒල් විතරක් විකුණගෙන ඉමු කියලා කතාවුණා වගේ දෙයක්. "හැබැයි, අපි දෙන්නම පාඩුවේ ඒල් හදාගෙන විකූණගනිද්දි අළුත්ම එකෙක් ඇවිත් ලාගර් වික්කොත් අපි දෙන්නටම කෙළවෙන නිසා, අපේ නගරයේ ලාගර් විකුණන්න තහනම් කරමින් අපි නගර කවුන්සිලය හරහා නීතියක් දාමු" කියලත් ඒ අය කතාවෙලා තියෙනවා. 

මේ නීතිය නිසා ලාගර් වලට ආස එකෙකුට මේ නගරය ඇතුළත ඒවා නිපදවන්නට විදිහක් තිබිලා නෑ. කාලයත් එක්කම ලාගර් වලට තියෙන ආසාවත් එක්ක, මේ නීතිය දාපු අයගෙන් සමහරුම වුණත් කළ්පනා කරන්න ඇති ඒක සම්මත කරගත්තේ අපරාදේ කියලා. මොකද, සීතල cellers තුළ අඩු උෂ්ණත්ව පරාසයක දිගු කාලයක් පුරාවට හෙමින් ferment කිරීම නිසා ලාගර් වල තියෙන ඒ well condioned ගතිය සහ refined taste profile එකට මේ අයත් පුදුමාකාර විදිහට ආසවෙලා තියෙනවා. නමුත් මේ ආඬි හතදෙනාගේ කැඳහැළිය වගේ නීතියක් සම්මත කරවගත්ත නිසා, තමන්ට ඒ ගැන කරන්න කිසිම දෙයක් තිබිලා නෑ. 

මේ නිසාම මේ නීතිය අස්සෙන් රිංගන්න පුළුවන් loopholes හොයන්නට මේ සමහරු උත්සාහ කරන්න ඇති. ඒකේ ප්‍රතිඵලය විදිහට කවුරුහරි හාරා අවුස්සලා බලලා තියෙනවා මේ නීතිය තුළ ලාගර් සහ ඒල් කියන දෙක define කරලා තියෙන විදිහ. ඒ අනූව මේ හැමෝම ප්‍රතිඥා දීලා තියෙන්නේ ඒල් යීස්ට් පමණක්ම යොදා බියර් නිපදනවන බවටත්, කිසිම විටෙක ලාගර් යීස්ට් යොදා බියර් නිෂ්පාදනය නොකරන බවටත් පමණක්ම බව කවුරුහරි තේරුම් අරගෙන තියෙනවා. ඒ කියන්නේ cold conditioning කිරීම හෝ සීතල cellers තුළ අඩු උෂ්ණත්ව පරාසයක් තුළ දිගු කළක් ferment කරගැනීම වගේ ක්‍රමවේදයන් ගැන කිසිම තහනමක් හෝ සඳහනක් ඒ නීතියේ තිබිලා නෑ. ඒ අනූව මේ නීතියට පටහැනි නොවන ආකාරයට ඒල් යීස්ට් යොදා (top fermenation යටතේ) ගනිමින්, එනමුත් ලාගර් එකක් මෙන් අඩු උෂ්ණත්ව පරාසයක වැඩි කාලයක් පුරාවට ferment කර cold conditioned කර ගනිමින් නිෂ්පාදනය කරන ලද බියර් එක තමයි මේ Kölsch කියන්නේ!

පසුකාලීනව, මේ බියර් එක සහ එය පානය කරන සම්ප්‍රදායේ තියෙන ආවේණික බව නිසා, අනිත් පළාත්වල පවා මෙය ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ අනූව Kölsch පානය කිරීම සඳහාම මේ නගරයට ඇදී එන සංවාරකයන් නිසා නගරයට හොඳින් මුදල් ගලා ඒමත් සිද්ධවෙලා තියෙනවා.

Image credit: shopify.com







Comments