තිරිඟු මිශ්‍රිත Malt භාවිතයෙන් නිපදවන බියර් මාදිලි අතුරින්, බෙල්ජියම මූලික කරගෙන නිෂ්පාදනය වුණ Witbier ගැන අපි මෙයට පෙර ලිපියක සාකච්ඡා කළා. නමුත්, තිරිඟු බියර් ගැන කතා කරද්දි ඊට අදාල බොහෝ මාදිලි අපිට දැකගන්නට ලැබෙන්නේ ජර්මනිය තුළයි. Weissbier, Weissbier-Hell, Weissbier-Dunkel, Hefe-Weissbier, Hefeweizen, Weizenbock, Doppleweizenbock, Kristallweizen, Hopfenweisse වගේ නම් වලින් සමහරවිට ඔබ මේවා දැනටමත් දැකලා තියෙන්නත් පුළුවන්. මේ වචන ඒ තරම් සංකීර්ණ දේවල් නෙවෙයි. සරලව මේ වචන පරිවර්තනය කිරීමෙන් පමණක්ම මේවා මොනවද කියලා හඳුනාගත හැකියි.
Photo credit https://schneider-weisse.de/
[WIESS / WEIZEN]: තිරිඟු අන්තර්ගත බව
Weiss යනු "සුදු පාට" සඳහා භාවිතා වන ජර්මානු වචනයයි. එමෙන්ම, ජර්මානු බසින් Weizen යනු "තිරිඟු" හැඳින්වීමට යොදාගන්නා වචනයයි. බියර් එකක නමෙහි weiss හෝ weizen ලෙස සඳහන් වීම තුළින් අදහස් වන්නේ, ඒ බියර් එක හදන මෝල්ට් මිශ්‍රණය සඳහා බාර්ලි වලට අමතරව තිරිඟු යම්කිසි ප්‍රමාණයකුත් යොදාගෙන තියෙන බවයි. මේකට හේතුව තමයි යුරෝපයේ භාෂා වල "තිරිඟු" (wheat) සහ "සුදු" (white) යන වචන දෙක එක් ආරම්භයකින් පරිනාමය වුණ වචන දෙකක් වීම. (උදාහරණයක් විදිහට: මුලින්ම මිනිස්සු සුදු පාට පිටි ජාතියකට කියලා දැකලා තිබුණේ තිරිඟු පිටි නිසා, තිරිඟු හැඳින්වීමටත් මුලදි සුදු යන අදහස ඇති වචනයම (white/weiss) භාවිතා කරන්නට පෙළඹීමත්, පසුව ව්‍යවහාරයෙන් වචනය යම් තරමකින් වෙනස් වෙලා, තිරිඟු ධාන්‍යය වෙනුවෙන් වෙනම වචනයක් (wheat/weizen) නිර්මාණය වුණා වගේ දෙයක්?)
[HELL]: සුදුමැලි (pale) පැහැයක් ඇති බව
මෙහිදී අපි කතා කරන්නේ, බියර් එක නිපදවීමෙන් පසුව එහි ඇති වර්ණය ගැනයි. Hell කියන්නේ සුදුමැලි හෙවත් අඳුරු-වර්ණයක්-නොමැති (Pale) කියන එක. ඉතිං වර්ණයෙන් සුදුමැලි/pale ගතියක් ඇති හෙවත්, ලා කහ හෝ පිදුරු වැනි වර්ණයන් ගන්නා (අඳුරු-වර්ණයක්-නොමැති) ඕනෑම බියර් වර්ගයක් සඳහා Hell කියන යෙදුම එකතු කරනවා. (Lager වර්ග වලත් සමහර වෙලාවට දකින්න ලැබෙනවා Lagerbier hell කියලා. ඒ කියන්නේ ලා කහ පැහැති Lager බියර් එකක් කියන එක).
ඒ අනූව, යම් බියර් බෝතලයක දවටනයේ Weiss/Weizen සමග Hell කියන වචනය එකට ලැයැවිලා තිබුණොත් ඔබ දැනගන්න ඕනි ඒ තිරිඟු මිශ්‍රිත pale වර්ණයක් ගන්නා බියර් එකක් කියලා. උදාහරණයක් විදිහට: Weissbier Hell වශයෙන් සඳහන් කළ බියර් එකක් මිලදී ගැනීමේදි, ඔබ බලාපොරොත්තු විය යුත්තේ එය,
සාමාන්‍යයෙන් තිරිඟු බියර් ඇතුළු Ale වර්ග top-fermented නිසා බියර් වලින් යීස්ට් ඉවත් කරන්නට filter කිරීමක් අවශ්‍ය නැහැ. බියර් මත පාවෙන යීස්ට් තට්ටුව ඉතා පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. යීස්ට් sediments වලින් ලැබෙන texture එක නිසාම සමහරු ඒවා බියර් එකේ තියෙනවාට කැමැතියි. ඒත්, Lager මෙන් පැහැදිලි බියර් වලට ආස අය ඉන්න පුළුවන්. ඒ නිසාම මේ මාදිලිය නිපදවීමේදි, ඒක පානය කරන අයට වෙනස්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින් filter කිරීමක් සිද්ධ කරනවා.
හරියට අපි කළින් වතාවේ Belgian double සහ tripel ගැන කතා කළා වගේ ජර්මානු බියර්වල මධ්‍යසාර ඇල්කොහොල් ප්‍රතිශතය වැඩිවෙන විදිහ අනූව එය සාමාන්‍ය බියර් එකක්ද, එහෙම නැතිනම් Starkbier/Bockbier එකක්ද, එහෙමත් නැතිනම් Doppelbockbier එකක්ද යන්න තීරණය වෙනවා.
මේවායේ රසයන් සහ අත්දැකීම් මොන වගේද කියලා විස්තර කරන්නට මම මේවාට උදාහරණ කිහිපයක් පහළින් සඳහන් කරන්නම්.
(1) සාමාන්‍ය තිරිඟු බියර් (Weissbier/Hefeweizen) කිහිපයක්
Augustiner Weissbier | 5.4% ABV
Weihenstephaner Hefeweissbier Dunkel | 5.3 % ABV
ඒ අනූව, යම් බියර් බෝතලයක දවටනයේ Weiss/Weizen සමග Hell කියන වචනය එකට ලැයැවිලා තිබුණොත් ඔබ දැනගන්න ඕනි ඒ තිරිඟු මිශ්‍රිත pale වර්ණයක් ගන්නා බියර් එකක් කියලා. උදාහරණයක් විදිහට: Weissbier Hell වශයෙන් සඳහන් කළ බියර් එකක් මිලදී ගැනීමේදි, ඔබ බලාපොරොත්තු විය යුත්තේ එය,
- තිරිඟු මිශ්‍රිත මෝල්ට් එකකින් සාදා ඇති බව (weiss/weizen)
- සුදුමැලි/pale පැහැයක් ගන්නා බව (hell)
- මේ සුදුමැලි පැහැය ලබා ගන්නේ, තනිකරම pale මෝල්ට් මිශ්‍රණයක් භාවිතා කිරීම මගිනුයි.
[DUNKEL]: අඳුරු (dark) පැහැයක් ඇති බව
Dunkel කියන්නේ අඳුරු පැහැති කියන එක. ඉතින් Weissbier Dunkel හෝ Dunkelweizen (Dunkel + Weizen) වගේ යෙදුමකින් අර්ථවත් වන්නේ,- තිරිඟු මිශ්‍රිත මෝල්ට් එකකින් සාදා ඇති බව (weiss/weizen)
- අඳුරු පැහැයක් ගන්නා බව (dunkel)
- මේ අඳුරු පැහැය ලබා ගන්නේ, තරමක් හොඳට කර කරන ලද (dark roasted) මෝල්ට් ප්‍රමාණයක්ද මිශ්‍ර කිරීම මගිනුයි.
[HEFE]: යීස්ට් (yeast) අන්තර්ගත බව
ඕනෑම බියර් එකක් නිපදවීමට යීස්ට් අවශ්‍ය බව ඔබ දන්නා කරුණක්. ඒත්, බොහෝමයක් බියර් ඔබ අතට පත්වන අවස්ථාව වන විට එහි සක්‍රීය යීස්ට් අන්තර්ගත වන්නේ නැහැ. සාමාන්‍යයෙන් බියර් වල fermentation ක්‍රියාවලියෙන් පසුව යීස්ට් ටික බියර් එකෙන් ඉවත් කරන බව අපි මේ වනවිට සාකච්ඡා කර අවසන්. සාමාන්‍ය Lager වගේ බියර් එකක් නම් පෙරහන් පද්ධතියක් භාවිතා කර ඉතාම විනිවිද පෙනෙනසුළු තත්වයක් දක්වාම එය පිරිසිදු කරගන්නවා.
නමුත් bottle-condition කරගන්නා බියර් මාදිලි ගැනත්, ඒවා බෝතල් කරන අවස්ථාවේදි සජීවී යීස්ට් කාණ්ඩයක් එයට අමතරව එකතු කරන බවත්, අපි කළින් ලිපියක සඳහන් කළා. ඔබ එවැන්නක් පානය කරන අවස්ථාවේදීත් එහි සැලකිය යුතු ප්‍රමාණයකට යීස්ට් අන්තර්ගත වන නිසා, ඒ වගේ බියර් එකක් විශේෂයෙන්ම yeast අන්තර්ගත බියර් එකක් කියලා හඳුන්වන්න පුළුවන්.
Hefe කියන්නේ ජර්මානු බසින් යීස්ට් වලටයි. ඒ අනූව, (hefe + weizen →) Hefeweizen යන්නෙන් අදහස් වන්නේ, මෙවැනි සජීවී යීස්ට් සමග ඔබ අතට එන තිරිඟු බියර් කියන එකයි.
නමුත් bottle-condition කරගන්නා බියර් මාදිලි ගැනත්, ඒවා බෝතල් කරන අවස්ථාවේදි සජීවී යීස්ට් කාණ්ඩයක් එයට අමතරව එකතු කරන බවත්, අපි කළින් ලිපියක සඳහන් කළා. ඔබ එවැන්නක් පානය කරන අවස්ථාවේදීත් එහි සැලකිය යුතු ප්‍රමාණයකට යීස්ට් අන්තර්ගත වන නිසා, ඒ වගේ බියර් එකක් විශේෂයෙන්ම yeast අන්තර්ගත බියර් එකක් කියලා හඳුන්වන්න පුළුවන්.
Hefe කියන්නේ ජර්මානු බසින් යීස්ට් වලටයි. ඒ අනූව, (hefe + weizen →) Hefeweizen යන්නෙන් අදහස් වන්නේ, මෙවැනි සජීවී යීස්ට් සමග ඔබ අතට එන තිරිඟු බියර් කියන එකයි.
Weissbier සහ Hefeweizen
මේක නම් බොහොම පැටලිලි සහිත නාමකරණයක්. මේ දෙකේ වෙනස ගැන හොයන්නට ඔබ මේ බියර් මාදිලිය නිපදවා brewmaster කෙනෙකුගෙන්ම ඇහුවොත්ම මිසක්, මෙය Google කළත් ඔබට ඒ ගැන නිවැරදි පිළිතුරක් නම් ලැබෙන එකක් නැහැ. ඒ නිසා මම මේ ගැන සඳහනක් කරන්නම්.
බොහෝ දෙනෙක් කියන ආකාරයට "Hefeweizen කියන්නේ Weissbier ම තමයි" කියලා කෙනෙක් කියනවා නම් ඒ ප්‍රකාශයේ වරදක් නැහැ. නමුත්, සමහර pubs වලදී ඔබට එකම වෙළඳනාමය යටතේ weissbier සහ hefeweizen වශයෙන් සටහන් කළ බියර් මාදිලි දෙකක් සහිත menu එකක් දකින්න ලැබුණොත්, එය ඔබට විශාල වශයෙන් පැටලිලි සහගත වන්නට ඉඩ තියෙනවා. එතැනදී, ඔබ වටහාගත යුතු එකම දෙය තමයි, සාමාන්‍ය Weissbier ලෙස සඳහන් බියර් එකට සාපේක්ෂව ඉතා ඉහල සජීවී යීස්ට් ප්‍රමාණයක් Hefeweizen එකේ අන්තර්ගතව පවතින බව. ඒ නිසා, සාමාන්‍ය Weissbier එකකට සාපේක්ෂව Hefeweizen වල විනිවිද පෙනීමේ ප්‍රමාණය, රසය, mouthfeel සහ texture එකේ හොඳට දැනෙන වෙනසක් තියෙනවා.
කොහොම නමුත්, weissbier සහ hefeweizen නම යටතේ ඔබ අතට එන ඕනෑම බියර් එකක් UNFILTERED (නොපෙරන ලද) බියර් බව අමතක කරන්න එපා. ඒ නිසා, යම්තාක් දුරකට හෝ යීස්ට් එහි අන්තර්ගත වන බවත් මතක තියාගන්න.
බොහෝ දෙනෙක් කියන ආකාරයට "Hefeweizen කියන්නේ Weissbier ම තමයි" කියලා කෙනෙක් කියනවා නම් ඒ ප්‍රකාශයේ වරදක් නැහැ. නමුත්, සමහර pubs වලදී ඔබට එකම වෙළඳනාමය යටතේ weissbier සහ hefeweizen වශයෙන් සටහන් කළ බියර් මාදිලි දෙකක් සහිත menu එකක් දකින්න ලැබුණොත්, එය ඔබට විශාල වශයෙන් පැටලිලි සහගත වන්නට ඉඩ තියෙනවා. එතැනදී, ඔබ වටහාගත යුතු එකම දෙය තමයි, සාමාන්‍ය Weissbier ලෙස සඳහන් බියර් එකට සාපේක්ෂව ඉතා ඉහල සජීවී යීස්ට් ප්‍රමාණයක් Hefeweizen එකේ අන්තර්ගතව පවතින බව. ඒ නිසා, සාමාන්‍ය Weissbier එකකට සාපේක්ෂව Hefeweizen වල විනිවිද පෙනීමේ ප්‍රමාණය, රසය, mouthfeel සහ texture එකේ හොඳට දැනෙන වෙනසක් තියෙනවා.
කොහොම නමුත්, weissbier සහ hefeweizen නම යටතේ ඔබ අතට එන ඕනෑම බියර් එකක් UNFILTERED (නොපෙරන ලද) බියර් බව අමතක කරන්න එපා. ඒ නිසා, යම්තාක් දුරකට හෝ යීස්ට් එහි අන්තර්ගත වන බවත් මතක තියාගන්න.
[KRISTALL]: පෙරන ලද බව
Kristallweizen හෙවත් Kristallkar
Kristallweizen (Crystal Wheat), එහෙම නැතිනම් Kristallkar (Crystal Clear) විදිහට වෙළඳපොලේ ඔබට දකින්නට ලැබෙන්නේ FILTERED (පෙරන ලද) ජර්මානු weissbier. එනම්, සාමාන්‍ය weissbier පෙරහන් පද්ධතියක් තුළින් යවා (lager බියර් ආකාරයටම) පෙරා පිරිසිදු කිරීම මගින් මේ Kristallweizen හෙවත් Kristallkar Weissbier ලබා ගත හැකියි. මේවායේ යීස්ට් සහ අනෙකුත් sediments කිසිවක් අන්තර්ගත නොවන අතර, bottle condition කිරීමකින් තොරව වෙළඳපොලට එවන තිරිඟු බියර් වර්ගයක් ලෙස මෙය හඳුන්වාදිය හැකියි. එලෙසම, මේවා ඉතාමත්ම විනිවිද පෙනෙන ස්වභායකින් යුක්තයි. Kristall/Crystal යන්නෙන් අදහස් වන්නේද, මේවායේ ඇති විනිවිද පෙනෙන පිරිසිදු ස්වභාවයයි.සාමාන්‍යයෙන් තිරිඟු බියර් ඇතුළු Ale වර්ග top-fermented නිසා බියර් වලින් යීස්ට් ඉවත් කරන්නට filter කිරීමක් අවශ්‍ය නැහැ. බියර් මත පාවෙන යීස්ට් තට්ටුව ඉතා පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. යීස්ට් sediments වලින් ලැබෙන texture එක නිසාම සමහරු ඒවා බියර් එකේ තියෙනවාට කැමැතියි. ඒත්, Lager මෙන් පැහැදිලි බියර් වලට ආස අය ඉන්න පුළුවන්. ඒ නිසාම මේ මාදිලිය නිපදවීමේදි, ඒක පානය කරන අයට වෙනස්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින් filter කිරීමක් සිද්ධ කරනවා.
[BOCK / STARK]: සැරෙන් වැඩි බව
Weizenstarkbier, Weizenbock සහ Weizendoppelbock
Stark හෝ Bock යන්නෙන් අර්ථවත් වන්නේ "සැර" හෙවත් ඇල්කොහොල් ප්‍රතිශතයෙන් තරමක් වැඩි බියර් වර්ග යන්නයි. Dopple කියන්නේ Double කියන එක. ඒ අනූව අපිට Weizenbock සහ Weizendoppelbock අතර ඇති වෙනස මොකක්ද කියන එක පහසුවෙන්ම තේරුම් ගත හැකියි. (උදා: Weizen = තිරිඟු, Bock/Stark = සැර, Doppel = දෙගුණයක්).
හරියට අපි කළින් වතාවේ Belgian double සහ tripel ගැන කතා කළා වගේ ජර්මානු බියර්වල මධ්‍යසාර ඇල්කොහොල් ප්‍රතිශතය වැඩිවෙන විදිහ අනූව එය සාමාන්‍ය බියර් එකක්ද, එහෙම නැතිනම් Starkbier/Bockbier එකක්ද, එහෙමත් නැතිනම් Doppelbockbier එකක්ද යන්න තීරණය වෙනවා.
සාමාන්‍ය Weissbier (< 5.5% ABV) එකකට වඩා Weizenbock/Weizenstark බියර් එකක මධ්‍යසාර ප්‍රතිශතය (5.5%-7.5% ABV) වැඩියි. ඒ අයුරින්ම, Weizenbock වලට සාපේක්ෂව Doppelweizenbock වල මධ්‍යසාර ප්‍රතිශතය (7%-11% ABV) වැඩියි. (හුදෙක් ව්‍යවහාරය පිණිස "doppel/දෙගුණ" යන වචනය භාවිතා කළත්, weizenbock වලට සාපේක්ෂව එමෙන් දෙගුණයක මධ්‍යසාර ප්‍රතිශතයක් නම් Doppelweizenbock වල අන්තර්ගත වන්නේ නැහැ).
විවිධ වෙනස්කම් වලට ලක් කරන ලද තිරිඟු බියර්
Hops අධිකව යෙදූ Weissbier
Hopfenweisse කියන්නේ Hops සහ Wheat/White කියන වචන දෙකේ එකතුවයි. මේ නම සඳහන්ව එන බියර් වල රසය ගොඩක් වෙනස්. සාමාන්‍ය තිරිඟු බියර් වල දැනෙන පැණි රසයට හුරුබව සහ කෙසෙල් වැනි පළතුරු, කරාබුනැටි, bubblegum සහ පොල් වැනි එස්ටර සුවඳවල් වෙනුවට hops මූලික කරගත් තිත්තට හුරු බව, pine ගස්, grapefruit වැනි පැඟිරි සුවඳ වගේ ලක්ෂණ මේවායේ දකින්න පුළුවන්. එයට හේතුව වන්නේ මේවාට එකතු කරන hops සංයුතිය අනිත් weissbier වලට සාපේක්ෂව ඉතා වැඩි වීමයි.දුම් ගැසූ මෝල්ට් යොදා නිපදවන Rauchbier
Rauchbier යන්නෙන් අදහස් වන්නේ "දුම් ගසන ලද" (smoked) බියර් කියන අර්ථයයි. බියර් නිපදවන්නට පෙර ඊට යොදාගන්නා මෝල්ට් වලට Beech නැමැති දර භාවියෙන් දුම් ගසා ගැනීම තුළින් ඔවුන් මෙම වෙනස සිදු කරනවා. මේ අකාරයෙන්ම දුම් ගසන ලද මෝල්ට් යොදා Rauchbier වශයෙන් නිපදවන Weissbier මෙන්ම Weissbier නොවන සාමාන්‍ය Bock සහ Märzen වැනි බියර් වර්ග පවා තිබෙනවා. Rauchbier සහ එහි ඉතිහාසය සම්බන්ධයෙන් අපි වෙනම ලිපියක කතා කරමු. දැනට මතක තියාගන්න ඔබ මිලදී ගන්නා බියර් එකක Weiss/Weizen සමග Rauchbier කියලා තිබුණොත්, එය අධික දුම්/Smoky රසයකින් යුක්ත තිරිඟු බියර් එකක් බව. (දුම් රසයක් කිව්වට, මේක කිසිම විදිහකන් අප්‍රසන්න රසයක් නම් නෙවෙයි).මේවායේ රසයන් සහ අත්දැකීම් මොන වගේද කියලා විස්තර කරන්නට මම මේවාට උදාහරණ කිහිපයක් පහළින් සඳහන් කරන්නම්.
(1) සාමාන්‍ය තිරිඟු බියර් (Weissbier/Hefeweizen) කිහිපයක්
Augustiner Weissbier | 5.4% ABV
- Aroma: Fresh coconut sprouts, Clove, Banana, Bubblegum
- Taste: Dry taste profile. Complicated swing between mild Sweetness and Bitterness
- Mouthfeel: Thin, but Creamy & Cleansing. Very Refreshing. Dry finish. Consistent stream of Bubbles from bottom to the top
- Aroma: Coconut sprouts. Floral notes. Strawberry-guava. Pine characters appear in later notes. A bit more Hops with Less Banana characters compared to other Weissbiers. Notes of Coriander than Clove
- Taste: Dry Start with a mild acidic touch. Bread in the aftertaste. Overall CRISP profile
- Mouthfeel: Thin, Cleansing, Sparkling sensation. Refreshing. Dry finish
- Aroma: Clove-spice upfront. (When swirled) a lot of Banana & Bubblegum.
- Taste: Crisp profile overall. Mild sweetness at the start, but Bitter (from hops) compared to many other Weissbiers.
- Mouthfeel: Thin-to-medium body. But feels thick due to richness in overall texture (spice & carbonation etc). Low carbonation compared to other Weissbiers.
(2) අඳුරු පැහැති තිරිඟු බියර් (Dunkelweizen) එකක්
Weihenstephaner Hefeweissbier Dunkel | 5.3 % ABV
- Aroma: Banana, Clove, Coconut-sprouts, Charred bread-crust
- Taste: Strong Spice at the start with a Sweet & Citric base
- Mouthfeel: Thin, but Spicy (of cloves) & Creamy.
- Refreshing. Sweet-to-Dry finish. Consistent carbonation bubble stream
(3) පෙරන ලද තිරිඟු බියර් (Kristallweizen) එකක්
Weihenstephaner Kristall Weissbier | 5.4 % ABV
- Aroma: South-Asian Bananas, Bubblegum, Clove. Bread in aftertaste
- Taste: Sweet start. But Crisp taste profile overall with a dry ending
- Mouthfeel: Clean, Comforting, Creamy with a Sparkling sensation. Doesn’t feel any Thin though. Very-Refreshing. Dry finish
(4) මධ්‍යසාර සංයුතිය වැඩි තිරිඟු බියර් (Weizendoppelbock) කිහිපයක්
(4.1) සාමාන්‍ය Weizendoppelbock
Schneider - Aventinus (TAP06) | 8.2% ABV
- Aroma: Strong esters of Banana & Coconut sprouts. Clove. Floral notes.
- Taste: Sweet start with a mild acidic touch. Evenly spreading bitterness. Overall sweet profile
- Mouthfeel: Light in viscosity, but strong Spiciness with a Sparkling sensation. Creamy. Cleansing. Refreshing. Sweet finish. Better without yeast sediments.
(4.2) Hops අධිකව යොදන ලද Weizendoppelbock
Schneider - Hopfenweisse (TAP05) | 8.2% ABV
Aecht Schlenkerla Rauchbier - Weizen | 5.2% ABV
- Aroma: Fresh-lemon. Grapefruit. Cream-soda
- Taste: Sweet start. Quickly turns to solid Dry+Bitterness
- Mouthfeel: Thin. Strong. Mildly spiced. Mildly astringent. Cleansing
- West-coast IPA-like. More hops than normal Weissbiers
(5) දුම් ගසන ලද තිරිඟු බියර් (Rauchbier - Weizen) එකක්
- Aroma: Smoke up-front! Clove-spice. Coconut husk. Charred-bread. (When Swirled) Brazilian dried Banana & Tobacco
- Taste: Crisp. Smoky & Dry. Well-Balanced!
- Mouthfeel: Creamy. Thick feel. Medium-body. Spicy, Sparkling sensation. Highly carbonated.

Comments
Post a Comment