Witbier ලෙස හඳුන්වන බියර් විශේෂයත් ඔබ නොදැනුවත්ව හෝ කොහේදි හරි රසවිඳලා තියෙනවා වෙන්න පුළුවන්. Blue Moon හෝ Hoegaarden වැනි සාමාන්‍ය සුපිරි වෙළඳසල්වලින් පවා මිළදී ගත හැකි, බොහෝදෙනා ප්‍රිය කරන ප්‍රසිද්ධ Witbier වර්ග ගැන මේ වන විටත් සමහරු දන්නවා වෙන්නට පුළුවන්.
බාර්ලි සමග තිරිඟු (30%~50% අතර ප්‍රතිශතයක්) මිශ්‍ර කොට සකසන ලද මෝල්ට් මිශ්‍රණයක් භාවිතා කර සකසන බියර් වර්ග කිහිපයක් ඇති අතර, බෙල්ජියම තුළින් බිහිවූ එවන් මාදිලිය Witbier ලෙස හඳුන්වනවා.
ඉතිහාසය
කොහොම නමුත්, මේක කාලයක් පුරාවට නැත්තටම නැති වෙලා ගිහින්, ලෝකයට අමතක වෙලාම ගිය බියර් මාදිලියක් කිව්වොත් නිවැරදියි. සමහරවිට hops හඳුන්වාදීමත් සමග මේකට තිබුණු ඉල්ලුම ඒ කාලේ එක පාරටම අඩු වුණා වෙන්නත් පුළුවන්. ඉතින් මේ මාදිලිය නැවතත් ප්‍රතිස්ථාපනය කරලා, වත්මන් වෙළඳපොළට ගෙන ඒම පිළිබඳව ගෞරවය හිමි වන්නේ Hoegaarden කියන brewery එකටයි. ඉන් පසුව නම් බෙල්ජියමේ පමණක් නෙවෙයි, ඇමෙරිකානු සහ නෙදර්ලන්ත වැනි බොහෝ සමාගම් සහ Trappists පල්ලි ආශ්‍රිත breweries වල පවා Witbier නිෂ්පාදනය නැවත ආරම්භ වෙලා තියෙනවා.
පොදු ලක්ෂණ
මේ බියර් වල පොදු ලක්ෂණ ගැන පිළිබඳව කතා කළොත්:
මෙය බොහෝ වෙලාවට ඉතාම ලා වර්ණයක් ඇති (pale) බියර් මාදිලියක්. ඒ නිසා මේවා වෙළඳපොලට නිතුක් කරද්දි White, Wit, Witte, Blanche වැනි වචන ඒවායේ ලේබල් වල දකින්නට පුළුවන්.
සාමාන්‍යයෙන් බියර් වලට පොදු වූ පාන් වැනි සුවඳට අමතරව නැවුම් ලෙමන්, දොඩම් සහ මල් සුවඳවල් මේවායේ අන්තර්ගතයි. කොත්තමල්ලි වලින් යම් සුළු රසයක් එකතු වුණත්, ඒක සැරට නොදැනෙන ගානට තමයි තියෙන්නේ.
දුස්ස්‍රාවිතාව සහ ඝනකම අඩු, ඉතාමත්ම පිපාසය නිවනසුළු පානයක් වුණත්, හොඳ Witbier වර්ග වල වතුර වගේ දියාරු බවක් නම් ඇත්තෙත් නැහැ.
රසය අතින් තරමක spicy සහ ඉතාම මෘදු ආම්ලික බවක් ඇති ආරම්භයක් ලැබෙන නමුත්, මේවා බොහෝ වෙලාවට අපි Crisp වශයෙන් හඳුන්වන පිවිතුරු, වියළි රසයෙන් සමන්විතයි. සරලව කිව්වොත් මේවා පානයෙන් පසුව, පැණි රස හෝ syrup රසයක් වැනි කිසිම දෙයක් මුව තුළ රැඳෙන්නේ නෑ. Carbonation bubbles අතරින් තෙරපෙමින් අර මෘදු spicy, acidic ගතියෙන් උගුර-කට හොඳින් hydrate වෙලා නැවුම් ප්‍රබෝධයක් ඇති කළත්, පැණි රස බීමක් වගේ සීනි සහ ලුණු රසය හරහා තැවතත් පිපාසය ඇති කරවන ගතියක් මේකේ නැහැ. මේ නිසා හොඳට හිරු පායා ඇති දවසක වගේ පිපාසය සහ විඩාව නිවාගන්නට මේක ඉතාමත්ම උචිත බියර් මාදිලියක් විදිහට ප්‍රචලිතයි.
පහලින් තියෙන්නේ උදාහරණයක්.
La Trappe Witte Trappist // Wheat Beer - Witbier | 5.5% ABV
- Aromatic-profile:
- Strong & Pleasant Lemon Spice. Earthy, Floral notes. Bread.
- Taste-profile:
- Crisp & Clean, mildly Citric front during intake. Hardly noticeable bitterness providing the balance.
- Mouthfeel:
- Thin in viscosity. Feels dense due to creaminess and a bit more Body compared to other Witbiers. Very Refreshing. Spicy. Beautiful Lacing & Froth. Consistent bubble stream.
ඉතින්, මේ වගේම බොහෝ අය recommend කරන Witbier වර්ග රැසක් තියෙනවා. උදාහරණ: Hoegaarden, Blue Moon, Grimbergen Blanche, Allagash White.
Hoegaaden සහ Blue Moon නම් හොයා ගැනීම පහසුයි. ඒත් ඔබට La Trappe Witte හෝ Grimbergen Blanche වැනි Witbier එකක් කොහේදි හෝ දකින්නට ලැබුණොත් ඒක රසවිඳලා බලන්නට අමතක කරන්න එපා. මගේ අත්දැකීම අනූව මේ දෙකම ඉතා අග්‍රගන්‍ය විදිහට condition කරපු witbier වර්ග දෙකක්.

Comments
Post a Comment